අපි හොඳ දේ කලොත් තමයි හොඳ ප්‍රතිඵල ලැබෙන්නෙ
වැරදි දේ කලොත් ඉතින් සදා දුකේ..නරකක්ම තමයි වෙන්නෙ..
ඒත් සමහරු හිතයි “ඔය ඕන තරම් වැරදි කරන අය ඉන්නෙ යස අගේට” කියල
නෑ ඒ අයටත් එවලෙම ප්‍රතිඵල නොලැබුණාට ටිකක් පහු වෙලා හරි ප්‍රතිඵල ලැබෙනව.
අර කවියකුත් තියෙන්නෙ ලෝවැඩ සඟරාවෙ

කරන කලට පව් මිහිරිය මී සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ
ඇඳින එපව් දුරලන උපදේසේ
නුදුන මැනවි තුන්දොර අවකාසේ……කියල..

මේ කවියෙන් කියන්නෙ ඕනම කෙනෙක් වැරදි දේවල්, පව් වැඩ,තවත් කෙනෙකුට අයහපතක් වෙන දේවල්
කරද්දි හරිම කැමැත්තෙන් ආසාවෙන් හරි වැරැද්ද හොයන්නෙ නැතුව, හැමෝම දන්න විදියට කිව්වොත් ආතල් එකේ
කරනවා.අපි දන්නවනේ වැරදි දේවල් කියන්නෙ ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන් දේවල් කියලා.ඒත් ඒවගෙ ප්‍රතිඵල
විඳිනකොට තමයි කරපු දේවල්වල තරම තේරෙන්නෙ.එතකොට ඉතින් පෙරහැර ගිහින් නොවැ..
ඉතින් එ් වගේ වැරදිකරන්න සිත කය සහ වචනය කියන තුන්දොරට ඉඩ නොදී සිත කය සහ වචනය සංවර කර ගන්න කියල තමයි මේ කවියෙන් කියන්නෙ.

Advertisements